සහෝදරත්වය හා මනුෂ්‍යත්වයට නවමු මුහුනුවරක් එක්කල අපේ “නොනිමි මෙහෙවර”
තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ මගපෙන්වීම කැපවීම හා තම සාමාජිකත්වය වෙනුවෙන් වගවීම පෙරදැදිව සහෝදර සාමාජික ඔබ සැමගේ ශක්තියෙන් යුතුව “නොනිමි මෙහෙවර”උදාර කර්තව්යය තවත් සාර්ථක මඟ සළකුණු දෙකක් පසුකර ගිය බව ඔබ සැමට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි.
කුරිරු පාස්කු ප්රහාරයට මැදිව අකාලයේ අප අතරින් සමුගත් ඇන්ටන් ප්රනාන්දු මහතාත්, රෝගාතුරව අප හැර ගිය D.P.L.ජයකොඩි මහතාත් වෙනුවෙන් මිලියන 5 කට ආසන්න මුදලක් පසුගියදා වයඹ ශාඛා ඒකකයේ මහා සභාව තුළ දී ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට පිරිනැමීමට අපට හැකි විය.
“නොනිමි මෙහෙවර” ව්යාපෘතිය යටතේ මේ වන විට මිලියන දහයකට අධික මුදලක් සංගමය විසින් තම සාමාජිකත්වය වෙනුවෙන් වෙන් කොට අවසන් බවත්,ඒ සියල්ල සහෝදර ඔබේ ශ
ක්තියෙන් ගොඩනැඟුණු බවත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
ලං.වි.ම තුළට මෙන්ම සමස්ත රාජ්ය යාන්ත්රණයටම පූර්වාදර්ශයක් වෙමින් මෙවන් උදාර කර්තව්යයක් වෙනුවෙන් නායකත්වය සැපයීම සංගමයක් ලෙස සැබැවින්ම අභිමානයට කරුණකි.
එන්න…
ඔබේ සහෝදරත්වයේ දෑත දිගු කරන්න ….
අපට යා හැකි දුර බොහෝයි…
ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය.