නොනිමි මෙහෙවර – සිහිනයට මිය යා නොදී

වෘත්තීය සංගමයක් ලෙස තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය වෘත්තීය වගකීම් සීමාවන් අභිබවා යමින් වෘත්තීය සහෝදරත්වයේ යුතුකම් බෙදා ගැනීමේ මහගු කර්තව්යයකට මුල පුරන්නේ මීට වසරකට දෙකකට ආසන්න කාලයක සිටය. ලේ නෑකමින් පසුව ගොඩ නැගෙන වෘත්තීය සහෝදරත්වයේ බැම්මට නව අරුතක් එක් කරන්නට “නොනිමි මෙහෙවර” දියත් වන්නට යෙදුණි.

අප හා උරින් උර ගැටෙමින් වෘත්තීය දිවිය තුල වගකීම් හා හිතවත්කම් බෙදාහදාගත් සහෝදරත්වයක අනපේක්ෂිත දිවිසැර නිමාවකින් මංමුලාවන ඒ සහෝදරත්වයේ හීනයන්ට හුස්ම පිඹින්නට අධිකාරී ශ්රේණියේ සියලු සහෝදරයින් එක්ව ගොඩනැගුණ සුරක්ෂණ රැකවරණයේ මහා පවුර ලංවීම වෘත්තීය සංගම් ඉතිහාසයට ආදර්ශයක්.
එහි සිවුවැනි පියසටහන ලෙස රුපියල් ලක්ෂ 25ක මුදලක් 2019 නොවැම්බර් 27 දින මෙලොවින් සමුගත් බී.ඒ. ධර්මශ්රී මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වෙත පිරිනැමීම පසුගිය දින පැවති ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ බපද2 ශාඛා ඒකක විශේෂ සැසිවාරයේදී අප සංගමයේ ගරු සභාපති A.G.U. නිශාන්ත මහතා විසින් පුදකරන්නට යෙදුණි.
1960 නොවැම්බර් 03 වන දින මාතර හිත්තැටියේදී උපත ලැබූ ධර්මශ්රී මහතා ලංකා විදුලිබල මණ්ඩලය හා එකතු වන්නේ 1987 අප්රේල් 04 වනදාය. රාජකාරිය සඳහා තිබූ දක්ෂතාවය උනන්දුව හා කැපවීම මත ඔහුගේ උත්සාහයෙන් විදුලි අධිකාරී වරයෙකු ලෙස වර්ෂ 2000 අගෝස්තු 08 දින දී උසස්වීම් ලබන්නේ එකල ලංවිම තුල තිබූ සුදුස්සාට සුදුසු තැන හිමිවන වටපිටාවක සැමට ආදර්ශයක් වෙමින්ය.
උසස්වීම් ලද පසු අප සහෝදරත්වය හා අත්වැල් බැඳගනිමින් ඉතා සුහදව හා ප්රියමනාපව, වඩා දොඩමළුව රාජකාරියේ වගකීම් ඉටුකල එතුමා හෝමාගම ප්රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය, හෝමාගම පාරිභෝගික සේවා මධ්යස්ථානය, බෙදාහැරීම් හා නඩත්තු අංශය යන සේවා ස්ථානයන් හරහා තම දායක්ත්වය මනා ලෙස ලංවිම වෙත පුදකල එතුමා මිය යනවිට බපද2 ඇමතුම් මධ්යස්ථානයේ විදුලි අධිකාරී වරයා වශයෙන් සේවය කරමින් සිටින ලදී. සාමාජයට වැඩදායි දියණියන් දෙදෙනෙකු හා පුතණුවෙකු සමාජයට දායාද කල එතුමා කාගේත් ආදරයට පාත්රවූ මනුෂ්යත්වයෙන් පිරිපුන් මිනිසෙකු ලෙස අපෙන් සදහටම සමුගැනීම මිනිසත් ගුණයෙන් හෙබි මිනිසුන් ගිඟ යුගයක මිනිසෙකුගේ නික්මයාමක් ලෙස සටහන් තැබිය හැක.
අනපේක්ෂිත ලෙස අපෙන් සමුගත්තද වෘත්තීය සහෝදරයන් ලෙස ඔහු වෙනුවෙන් අපගේ යුතුකම මෙසේ ඉටුකරන්නට ලැබීමෙන් හටගන්නා පුණ්ය බලයේ මහිමයෙන් ධර්මශ්රී මහතාට මතු කිසිදු භවයක මෙවන් රෝ බියකින් තොරව ජීවත්ව අවසන නිවන් සුව ලබා ගැනීමට හේතු වේවායි! ප්රාර්ථනා කරන්නෙමු.
නොනිමි මෙහෙවර – සිහිනයට මිය යා නොදී

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ මානුෂීය මෙහෙයුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *