වැඩිවන පෝලිමේ මීළඟට විදුලි බිල ද???

ලං.වි.ම රටේ ආර්ථික දේහයේ කොඳු නාරටිය වන් ආයතනයක් බව අප කවුරුත් දන්නා කරුණකි.එවන් ආයතනයක නිසි කළමනාකාරිත්වයක් තුළින් රටෙහි සංවර්ධනයට මෙන්ම මහජන සුබසිද්ධියටද කළ හැකි කාර්යයන් බොහෝය.

වෙනස්වන තාක්ෂණික, ආර්ථික,සමාජමය පරිවර්තනයන් ඔස්සේ ලංවිම ක්රමවේදයන් ද වෙනස් විය යුතුය.ඒ සඳහා ලං.වි.ම තුළ භෞතික මෙන්ම මානව සම්පත නිවැරදිව කළමනාකරණය කළ යුතුය.

මහජනයාට අඩුමිලට ගුණාත්මක විදුලිය සැපයුමක් මෙන්ම වඩා මිත්රශීලී සේවාවක් සැපයිය හැක්කේ,රාජ්ය ව්යවසාය තුළ ඉහත කළමනාකාරිත්වය සිදුකළ හොත් පමණි.ඒ සඳහා භෞතික මෙන්ම මානව සම්පත විශ්ලේෂණ කිරීම උදෙසා නවීන ලෝකය භාවිත කරන ක්රමවේද සොයායාම ලං.වි.ම කළමනාකාරිත්වය සැබෑ වගකීමයි.

දහසකුත් එකක් වරප්රසාද භුක්ති විඳින ලංවිම ඉහළ කළමනාකාරීත්වය ඒ වෙනුවට සිදුකරමින් සිටින්නේ කුමක්ද???

  • ඔවුන් මේ සියල්ල පසෙකලා තම වෘත්තීය අභිවෘද්ධිය මෙන්ම ලාභ අපේක්ෂාව පමණක් පටු පරමාර්ථය කරගනිමින් ඊනියා ප්රතිව්යූහගතකරනයකට හොර රහසේ කෙටුම්පත් සකසමින් තිබේ.
  • තම පටු පරමාර්ථ වෙනුවෙන් සමස්ත සේවක ප්රජාව තලාපෙළා යන අවිනීතික ගමනක් ආරම්භ කර තිබේ.
  • අවසානයේ ලංවිම කොටස් කර කූට ව්යාපාරිකයන් අතට පත් කරමින් තම මඩිය තරකර ගැනීමට කැස කවමින් තිබේ.
මේ අනීතික ක්රියාවලියේ ප්රතිඵලයන් වලට වන්දි ගෙවන්නේ කවුරුන්ද???
ලං.වි.ම වෙනුවෙන් සැබෑවටම තම දහඩිය කඳුළ හෙළන සේවකයන් මෙහි පළමු බිල්ල වන අතර, දහසක් ගැටළු මැද විදුලිය පරිභෝජනය කරනා පාරිභෝගිකයා මෙහි අවසන් බිල්ල බවට පත්වීම නොවැළැක්විය හැකිය.
එහෙයින් මෙම අවනීතියට එරෙහිව අප නැඟී සිටිය යුතුමය!!!
කොන්දේසි විරහිතව පෙරට ආ යුතුයමය!!!
එසේ නොවුවහොත් ඔබට මට මෙන්ම හෙට දිනයේ ඔබේ දරුවාටද මෙම අවනීතිය වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වනු නොඅනුමානය!!!

ආනියාකන්ද සුදු අලියෙක් ද ???

දිවයින පුරා ලං.වි.ම සතුව රථවාහන විශාල ප්රමාණයක් පවතී. ඒ අතර සාමාන්ය රථවාහන වලට අමතරව ක්රේන් රථ, ඕගර් රථ, බකට් රථ ආදී විශේෂිතවූ රථවාහන ද ඇත. මේ සියලූ රථවාහන නඩත්තුව උදෙසා ලං.වි.ම සතුව ඇත්තේ එක් මධ්යම ගරාජයක් පමණි. ජාඇල ආනියාකන්දේ පිහිටා ඇති මෙම මධ්යම ගරාජයද අද වන විට අකර්මණ්ය තත්වයේ පවතින සුදු අලියෙකු වීම කණගාටුදායකය.

  • ආනියාකන්ද මධ්යම ගරාජය වෙත යැවන රථවාහන අලුත්වැඩියාව උදෙසා ආසන්න ලෙස අවුරුද්දක පමණ කාලයක් ගතවීම සාමාන්ය කරුණක් වී ඇත.
  • ඇතැම්විට අවුරුද්දකට වැඩි කාලයක් තුළදීද එම අලුත්වැඩියාවන් සිදු නොවූ කල නැවතත් එම වාහන පෞද්ගලික ආයතන හරහා අළුත් වැඩියා කර ගැනීමට ඇතැම් ඒකකවලට සිදුව ඇත. අවුරුද්දකට අධික කාලයක් නිකරුනේ රථය ගාල් කර තැබීම හේතුවෙන් තිබූ දෝෂයනටත් වැඩි දෝෂ ප්රමාණයක් අවසානයේ නිවැරදි කිරීමට සිදුවනු ඇත.
  • මේ හේතුවෙන් බොහෝ ඒකක, රථවාහන නියෝජිත ආයතන හරහා තම රථ අලුත්වැඩියා කිරීමට පෙළඹෙන අතර,ගොඩනැගී ඇති ඒකාධිකාරය හේතුවෙන් මෙම නියෝජිතායතන අදාල නඩත්තු කටයුතු උදෙසා අනවශ්ය ආකාරයට අධික ලෙස මුදල් අය කිරීමට පෙළඹී ඇත. (එම අයකිරීම් කෙතරම් දුරට සාධාරණද යන්න විශ්ලේෂණය කිරීම උදෙසා විෂයානුබද්ධ දැනුමකින් හෙබි පුද්ගලයන් ලං.වි.ම තුළ බොහෝ ඒකකයන්ට නොමැත)
  • එමෙන්ම සාමාන්ය ගරාජයන් තුලද මෙම අළුත්වැඩියා සිදු කිරීම හේතුවෙන් නොයෙක් අක්රමිකතා සිදුවනවා මෙන්ම නිවැරදි පරිදි අදාළ නඩත්තු කටයුතුද සිදු නොවේ.

මේ සඳහා සංගමයක් ලෙස අප විසින් සිදු කරනු ලැබූ යෝජනා කවරේද ??

  • ආනියාකන්ද මධ්යම ගරාජය උදෙසා,දැනට සිටින කාර්යමණ්ඩලයට අමතරව මෝටර් කාර්මික දැනුමෙන් සන්නද්ධ කාර්යක්ෂම පිරිසක් යොදවා වඩා ඵලදායි ආයතනයක් බවට පරිවර්තනය කිරීම.
  • ලං.වි.ම මූලික ඒකක වශයෙන් හෝ රටේ පළාත් වශයෙන් රථ වාහන නඩත්තුව උදෙසා ලං.වි.ම මගින් පාලනය වන ප්රාදේශීය ගරාජ කිහිපයක් පිහිටවීම.
  • නියෝජ්‍ය සාමාන්යධිකාරී කාර්යාලයක් මූලිකව යාන්ත්රික ඉංජිනේරු වරයෙකු යොදවා අවශ්ය ප්රමානයට යාන්ත්රික අධිකාරිවරු ප්රමුඛ කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරීම.ඒ හරහා අදාළ නියෝජ්ය සාමාන්යධිකාරී කාර්යාලයේ සියලු රථවාහන වල නඩත්තුව නියාමනය කිරීම.
ඉහත මූලික යෝජනා බෙදාහැරීම් සම්බන්ධීකරණ කමිටු ගණනාවකදී සංගමයක් ලෙස අප කරුණු දක්වමින් පෙන්වා දුන්නද පාලනාධිකාරියේ කිසිම ඇහුම්කන්දීමක් මේ සම්බන්ධව සිදු නොකරන්නේ කුමන හේතුවක් මතද?

අදාළ යෝජනා නොසලකා හරිමින් ආනියාකන්ද වැඩබිමද සුදු අලියකු ලෙස දියාරුකොට ලං.වි.ම ද අධික ලෙස පාඩු ලබන තත්ත්වයට පත්කොට, පාලනාධිකාරිය ඇස් කන් පියා සිටීම පිටුපස අදිසි හස්තයක් ක්රියාත්මක වේද ?

ලංවිම දඩමීමා කරගනිමින් උතුරේ දූපත් මාතෘභූමියට අහිමි කරයිද ?

ඩෙල්ෆ් ඇතුළු දූපත්වලට දැනට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඩීසල් ජනන යන්ත්ර මගින් අඛණ්ඩව විදුලිය සපයනු ලබන නමුත් ඒකකයක මිල සමාන්ය මිලට වඩා වැඩි අගයකි. යෝජිත නව විදුලි ව්යාපෘතිය අනුව සූර්ය බලශක්තිය හා සුලං බලය උපයෝගී කරගනිමින් දෙමුහුන් ජනන පද්ධතියක් හරහා ලාභදායී සැපයුමක් ලබාදීමට අපේක්ෂිතය. මේ සඳහා විදේශ මැදිහත් වීමක් යෝජනා කිරීමෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව වගකිව යුතු වෘත්තීය සංගමයක් ලෙස ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ අවධානය යොමුවී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉහළ ශ්රේණියේ ඉංජිනේරුමය ආයතනයක් වන අතර මේ වනවිට දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 65කට අධික පාරිභෝගිකයන් හට 3000MWට අධික ධාරිතාවකින් යුතු පද්ධතියක් හරහා ජාත්යන්තර මට්ටමේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙමින් සිටී. එවැනි ආයතනයකට පාරිභෝගිකයන් 2000 කටත් අඩු පිරිසක් සිටින දූපත් සදහා 1 MWකටත් අඩු ධාරිතාවකින් යුතුව විදුලිය සපයන පද්ධතියක කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ව්යාපෘතියක් කිසිදු විදේශ රටක උපකාරයක් නොමැතිව සිදුකළ හැක.

වරලත් ඉංජිනේරුවන් වැඩි ප්රතිශතයක් ද ඇතුලුව ඉංජිනේරුවරු 1000 කට අධික ප්රමාණයක්ද අධිකාරී වරුන් 1500 කට අධික සංඛ්යාවක්ද මනා පුහුණුවක් සහ අත්දැකීම් සහිත තාක්ෂණික සේවකයින් 8000 ක්ද පමණ සේවය කරන ලංවිම තුල මෙම ව්යාපෘතිය සඳහා සම්පත් නොමැති බවට ව්යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලංවිම පාලනාධිකාරිය වෙනත් කූඨ උවමනාවක යෙදෙනබව පෙනේ. අවස්ථාවාදී සුළුපිරිසකගේ උවමනාවට මුළු රටම කලාපීය වශයෙන් අර්බූදයකට ඇද දමන්නේ නම් ඊට සියලු දේශපාලන නායකත්වයන්, ජනමාධ්ය සිවිල් සංවිධාන ඇතුලු සමස්ත ජනතාව එරෙහි විය යුතු බව අප දැඩිව විශ්වාස කරමු. වර්ථමාන ආණ්ඩුව ද අපහසුතාවයට පත් කරමින් සිදු කරනු ලබන මෙම කුමන්ත්රණය හේතුවෙන් ජාත්යන්තරය ඉදිරියේ ශ්රී ලංකාව දිනාගත් රාජ්යතාන්ත්රික මිත්රත්වයන් පලුදුවන ගැටලුවක් බවට මෙම කුඩා ව්යාපෘතිය තල්ලු වෙමින් පවතී.

දැනටමත් ප්රධාන දූපත් වල පාරිභෝගිකයන්ට අඛණ්ඩ විදුලි සැපයුමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයමින් ඇත. දූපත් වාසී ජනතාවට අඩු මුදලකට විදුලි ඒකකයක් ලබාදීමට නම් ඩීසල් ජනන යන්ත්ර වලට අමතරව සූර්ය බල ශක්තිය හා සුලං බලය යොදාගනිමින් දෙමුහුන් විදුලිබල පද්ධතියක් ස්ථාපනය කළයුතු අතර එමගින් දැනට රුපියල් 50ක් පමණ වන ඒකක මිල රුපියල් 20 කටත් වඩා අඩු මුදලකට ලබා දිය හැක. එය ලංකා විදුලිබල මණ්‌ඩලයට කළ නොහැකි සුවිශේෂී ව්යාපෘතියක් නොවන බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය වශයෙන් අප වගකීමෙන් ප්රකාශ කරමු. එවැනි ප්රමාණයේ ව්යාපෘති හා ඊට විශාල ධාරිතාවෙන් යුතු ව්යාපෘති දැනටමත් ලංවිම විසින් සිදු කර ඇති අතර එම ශක්යතාව ඇති දේශිය සමාගම් ද ඇත.

ශ්රී ලංකා මාතෘභූමියට අයත් දූපත් වල වෙසෙන ජනතාවට සාධාරණ මිලකට විදුලිය ලබා ගැනීමේ අයිතිය දඩමීමා කරගනිමින් එම දූපත් විදේශික අතපෙවීම් වලට යටත් කිරීමත් ඒ හරහා පටු ආර්ථික ලාභ ප්රයෝජන ලබා ගැනීමට විවිධ කණ්ඩායම් දරන උත්සාහයට සහ මේ හරහා ශ්රී ලාංකික ජනතාවගේ ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලයටද විදේශික බලපෑම් ඇති කිරීමේ වෑයම පරාජය කිරීමට තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ලංවිම සියළු සේවකයින් හා එක්ව කොන්දේසි විරහිතව පෙනී සිටි.

මෙම ක්රියාන්විතය සඳහා මාතෘභූමියට හිතැති, දේශීය සම්පත් අන්සතු කිරීමට එරෙහි ජාතිමාමක, දේශහිතෛෂී සියලු බලවේග සමඟ අත්වැල් බැඳගැනීමට අප සූදානම් අතර ඒ සඳහා කොන්දේසි විරහිතව එක්වන මෙන් හා අවධානයෙන් සිටින ලෙස සියලු ශ්රී ලාංකිකයන්හට ගෞරවයෙන් ආරාධනා කරමු.

නොනිමි මෙහෙවර – සිහිනයට මිය යා නොදී

වෘත්තීය සංගමයක් ලෙස තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය වෘත්තීය වගකීම් සීමාවන් අභිබවා යමින් වෘත්තීය සහෝදරත්වයේ යුතුකම් බෙදා ගැනීමේ මහගු කර්තව්යයකට මුල පුරන්නේ මීට වසරකට දෙකකට ආසන්න කාලයක සිටය. ලේ නෑකමින් පසුව ගොඩ නැගෙන වෘත්තීය සහෝදරත්වයේ බැම්මට නව අරුතක් එක් කරන්නට “නොනිමි මෙහෙවර” දියත් වන්නට යෙදුණි.

අප හා උරින් උර ගැටෙමින් වෘත්තීය දිවිය තුල වගකීම් හා හිතවත්කම් බෙදාහදාගත් සහෝදරත්වයක අනපේක්ෂිත දිවිසැර නිමාවකින් මංමුලාවන ඒ සහෝදරත්වයේ හීනයන්ට හුස්ම පිඹින්නට අධිකාරී ශ්රේණියේ සියලු සහෝදරයින් එක්ව ගොඩනැගුණ සුරක්ෂණ රැකවරණයේ මහා පවුර ලංවීම වෘත්තීය සංගම් ඉතිහාසයට ආදර්ශයක්.
එහි සිවුවැනි පියසටහන ලෙස රුපියල් ලක්ෂ 25ක මුදලක් 2019 නොවැම්බර් 27 දින මෙලොවින් සමුගත් බී.ඒ. ධර්මශ්රී මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වෙත පිරිනැමීම පසුගිය දින පැවති ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ බපද2 ශාඛා ඒකක විශේෂ සැසිවාරයේදී අප සංගමයේ ගරු සභාපති A.G.U. නිශාන්ත මහතා විසින් පුදකරන්නට යෙදුණි.
1960 නොවැම්බර් 03 වන දින මාතර හිත්තැටියේදී උපත ලැබූ ධර්මශ්රී මහතා ලංකා විදුලිබල මණ්ඩලය හා එකතු වන්නේ 1987 අප්රේල් 04 වනදාය. රාජකාරිය සඳහා තිබූ දක්ෂතාවය උනන්දුව හා කැපවීම මත ඔහුගේ උත්සාහයෙන් විදුලි අධිකාරී වරයෙකු ලෙස වර්ෂ 2000 අගෝස්තු 08 දින දී උසස්වීම් ලබන්නේ එකල ලංවිම තුල තිබූ සුදුස්සාට සුදුසු තැන හිමිවන වටපිටාවක සැමට ආදර්ශයක් වෙමින්ය.
උසස්වීම් ලද පසු අප සහෝදරත්වය හා අත්වැල් බැඳගනිමින් ඉතා සුහදව හා ප්රියමනාපව, වඩා දොඩමළුව රාජකාරියේ වගකීම් ඉටුකල එතුමා හෝමාගම ප්රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය, හෝමාගම පාරිභෝගික සේවා මධ්යස්ථානය, බෙදාහැරීම් හා නඩත්තු අංශය යන සේවා ස්ථානයන් හරහා තම දායක්ත්වය මනා ලෙස ලංවිම වෙත පුදකල එතුමා මිය යනවිට බපද2 ඇමතුම් මධ්යස්ථානයේ විදුලි අධිකාරී වරයා වශයෙන් සේවය කරමින් සිටින ලදී. සාමාජයට වැඩදායි දියණියන් දෙදෙනෙකු හා පුතණුවෙකු සමාජයට දායාද කල එතුමා කාගේත් ආදරයට පාත්රවූ මනුෂ්යත්වයෙන් පිරිපුන් මිනිසෙකු ලෙස අපෙන් සදහටම සමුගැනීම මිනිසත් ගුණයෙන් හෙබි මිනිසුන් ගිඟ යුගයක මිනිසෙකුගේ නික්මයාමක් ලෙස සටහන් තැබිය හැක.
අනපේක්ෂිත ලෙස අපෙන් සමුගත්තද වෘත්තීය සහෝදරයන් ලෙස ඔහු වෙනුවෙන් අපගේ යුතුකම මෙසේ ඉටුකරන්නට ලැබීමෙන් හටගන්නා පුණ්ය බලයේ මහිමයෙන් ධර්මශ්රී මහතාට මතු කිසිදු භවයක මෙවන් රෝ බියකින් තොරව ජීවත්ව අවසන නිවන් සුව ලබා ගැනීමට හේතු වේවායි! ප්රාර්ථනා කරන්නෙමු.
නොනිමි මෙහෙවර – සිහිනයට මිය යා නොදී

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ මානුෂීය මෙහෙයුම.

දිනෙන් දින වල පල්ලට යන ලං.වි.ම මානව සම්පත් කළමනාකරණය


යම් කිසි රටක සංවර්ධනය සදහා එම රටේ මානව සම්පත යනු ප්රධානතම මූල සාධකයකි.
එය නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් වෘතීය අභිමානයකින් හෙබි වඩා තෘප්තිමත්, කාර්යක්ෂම හා ඵලදායි වෘත්තිකයෙකු බිහිවනු ඇත.

ඊශ්රායලය ,ජපානය, රුසියාව, ජර්මනිය වැනි රටවල් මෙලෙස මානව සම්පත නිසි පරිදි කළමනාකරණය මගින් වේගවත් සංවර්ධනයක් කරා ළගා වූ රටවල් සදහා උදාහරණ කිහිපයක් පමණි.

ආයතනයක් වශයෙන් ගත් කලද මෙම න්යාය ඒ ආකාරයෙන්ම ගලපාගත යුතු අතර මානව සම්පත යනු එම ආයතනයේ කොඳු නාරටිය බඳු ය.කොඳු නාරටිය බිඳ දමා ආයතනයක් දියුණු කිරීම කෙතරම් දුරට සාර්ථක දැයි අදවන විට දිනෙන් දින පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය කදිම නිදසුන් සපයයි.

නිසි මානව සම්පත් කළමනාකරණයක් තුලින් සේවකයන් ආයතනයේ දියුණුව උදෙසා එක් කර ගැනීම,ඔවුන්ව නිසි ඇගයීම් තුලින් අභිපේරණය (Motivation) කිරීම,තම රාජකාරි නිසි පරිදි ඉටු කිරීමට අවශ්ය වෘත්තීය පරිසරය සකස් කර දීම, නිසි කලට නිසි ඇගයීමක් මගින් උසස් වීම් සිදු කිරීම වැනි මූලික කාරණා සිදු කල යුතූය.

නමුත් අදවන විට සේවකයින් 30000ට ආසන්න පිරිසක් සේවය කරන දැවැන්ත ආයතනයක් වන ලං.වී.ම,මෙම මානව සම්පත නිසි පරිදි කළමනාකරණය නොකිරීමේ ආදීනව විදිමින් සිටී.

සේවක අභිප්රේරණය සිදු කිරීම පසෙකලා තම පරිපාලන බලතල යොදා ගනිමින් සේවක අයිතීන් පවා කප්පාදු කරමින් එක් සේවක කොටසකගේ පමණක් අභිවෘද්ධිය සැලසීම සදහා අද වන විට ලං.වී.ම පරිපාලකයන් කටයුතු කරමින් සිටි.හැන්ද අත ඇති අය යහමින් තම කොටස බෙදා ගැනීමේ ක්රමය අද වන විට ලං.වී.ම තුල ක්රියාත්මක වෙමින් පවතී.

මෙම ක්රමයෙහි ඇති බරපතල කාරණය නම් එක් සේවක කොට්ඨාසයක් සදහා තම අධ්යාපන සහතික සහ සේවා කාලය පමණක් තමාගේ වෘත්තිය ඉදිරි ගමන තීරණය කිරීම සදහා ප්රමාණවත් වී තිබීමයි.ඔවුන් තම අධ්යාපන සුදුසුකම් සපුරා ගත් පසුව තම රාජකාරි කටයුතු කෙලෙස සිදු කලද ඔවුන්ගේ ඉදිරි උසස් වීම් සදහා එය බාධාවක් නොවනු ඇත.එබැවින් තම ඉදිරි ගමන පැහැදිලි ඔවුන් ආයතනය වෙනුවෙන් තම උපරිම කැපවීම ලබා දීම සදහා උත්සාහ නොගනු ඇත.
එලෙස බලන කල විශාල මාසික වේතනයක් ප්රමුඛ දීමනා රාශියක් ලබා දී , ඔවුන්ගේ අධ්යාපන සහතික වෙනුවෙන්ද දීමනා ලබා දී එම කොට්ඨාසයෙන් උපරිම පලදායිතාවය ලබා ගැනීමට ලං.වී.ම මානව සම්පත් කළමනාකරණය අසමත් වී ඇත.

ලං.වී.ම අනෙකුත් සේවක කොට්ඨාසයන් හට සිදු වී ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් කාරණාවකි.ඔවුන් සේවයට බැදුන දින සිට තම සේවාව උපරිම අයුරින් ඉටු කලද, තම වෘත්තිය අනාගතය වෙනුවෙන් අධ්යාපන සුදුසුකම් වැඩි දියුණු කර ගත්තද, ඔවුන්ට ලං.වී.ම තුල ඉදිරි වෘත්තිය අනාගතයක් නොමැත.ඔවුන් වෘත්තීමය වශයෙන් එක තැන පල්වන කොටසක් බවට පත්වී ඇත.
එබැවින් එම කොට්ඨාසයද තම වෘත්තිය වගකීම් ඉටු කිරීමට තම උපරිම ලබා දීමට කටයුතු නොකරනු ඇත.

මෙලෙස ලං.වී.ම සමස්ත මානව සම්පතම නිසි පරිදි කළමනාකරණය කර ආයතනය පාඩු ලබන තත්වයෙන් මුදවා ගැනීමට ලං.වි.ම කලමණාකරණය අද වන විට අසමත් වී ඇත.

වසර 18ට වඩා පැරණි ලං.වී.ම බදවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය නැවත සැකසීමේ කටයුතු මේ වන විට කඩිමුඩියේ සිදු වෙමින් පවතී.සමාජමය වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති වර්තමානය තුළ නිසි කාර්ය්ය අධ්යයනයකින් තොරව ආයතනයේ මානව සම්පත කලමණාකරණයේ ව්යවස්ථාව බඳු බදවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය සැකසීම තවදුරටත් එක් සේවක කොටසක් පිනවීම සදහා පමණක් සිදු කරණු ලබන ක්රියාවක් වන්නේ නම්, ආර්ථිකයේ කොදු නාරටිය වන් ලං.වී.ම වැනි ආයතන නුදුරේදීම වලපල්ලට යාම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත

සහෝදරත්වය හා මනුෂ්‍යත්වයට නවමු මුහුනුවරක් එක්කල අපේ “නොනිමි මෙහෙවර”

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ මගපෙන්වීම කැපවීම හා තම සාමාජිකත්වය වෙනුවෙන් වගවීම පෙරදැදිව සහෝදර සාමාජික ඔබ සැමගේ ශක්තියෙන් යුතුව “නොනිමි මෙහෙවර”උදාර කර්තව්යය තවත් සාර්ථක මඟ සළකුණු දෙකක් පසුකර ගිය බව ඔබ සැමට දැනුම් දෙන්නේ හදපිරි සතුටිනි.
කුරිරු පාස්කු ප්රහාරයට මැදිව අකාලයේ අප අතරින් සමුගත් ඇන්ටන් ප්රනාන්දු මහතාත්, රෝගාතුරව අප හැර ගිය D.P.L.ජයකොඩි මහතාත් වෙනුවෙන් මිලියන 5 කට ආසන්න මුදලක් පසුගියදා වයඹ ශාඛා ඒකකයේ මහා සභාව තුළ දී ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට පිරිනැමීමට අපට හැකි විය.
“නොනිමි මෙහෙවර” ව්යාපෘතිය යටතේ මේ වන විට මිලියන දහයකට අධික මුදලක් සංගමය විසින් තම සාමාජිකත්වය වෙනුවෙන් වෙන් කොට අවසන් බවත්,ඒ සියල්ල සහෝදර ඔබේ ශ
ක්තියෙන් ගොඩනැඟුණු බවත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
ලං.වි.ම තුළට මෙන්ම සමස්ත රාජ්ය යාන්ත්රණයටම පූර්වාදර්ශයක් වෙමින් මෙවන් උදාර කර්තව්යයක් වෙනුවෙන් නායකත්වය සැපයීම සංගමයක් ලෙස සැබැවින්ම අභිමානයට කරුණකි.
එන්න…
ඔබේ සහෝදරත්වයේ දෑත දිගු කරන්න ….
අපට යා හැකි දුර බොහෝයි…
ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය.

 

කණිෂ්ක පතිරණ සොයුරා වෙනුවෙන් පළමු නොනිමි මෙහෙවර

හදිසියේ දිවියෙන් සමුගත් විදුලි අධිකාරී කණිෂ්ක පතිරණ මහතා වෙනුවෙන් රුපියල් මිලියන දෙකක නොනිමි මෙහෙවර මුදල් ප්‍රධානය 2019 සැප්තැම්බර් මස 21 වන දින තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ දකුණු පලාත් ශාඛා ඒකක විශේෂ මහ සභා රැස්වීමේදී සිදු කෙරිනි.